ගෝනාල


උද්භිද විද්‍යාත්මක නාමය :
Dioscorea spicata


උද්භිද කුලය :
Dioscorea ceae

ඖෂධීය හා පෝෂණීය ගුණ
  • ඕනෑම සර්ප විෂක් නසයි.
ආහාර ලෙස සකස් කර ගන්නා අාකාරය හා ඖෂධීය ප්‍රයෝගය
1. ගෝනාල මිශ්‍රිත ආලේපය
  • අවශ්‍ය ද්‍රව්‍ය - ගෝනල , කැති දෙමට කොළ පොතු , කී කිරිඳිය , විළඳවන්න , ජබුරල , සුළු නයි ,මහ නයි, හීන් දද , මහ දද , සුදුළූණු , එළකිරි

  • සාදන ක්‍රමය -
    1. ඉහත කී ද්‍රව්‍ය සියල්ල සමව ගෙන එළකිරෙන් මිනිත්තු 30 ක් පමණ තම්බන්න. මෙම ඖෂධය ඕනෑම සර්ප විෂක් නසයි. මෙය හොඳින් තැම්බුණු පසු හිස ගල්වන්න. දින තුනක් හිස ගැල්විමෙන් පසු උණු දියෙන් ස්නානය කරන්න.
(දමයන්ති ගොඩමුල්ල මහත්මිය - "සුවසෙත ගෙන දෙන දේශීය අල බෝග")